May 19, 2024

භික්ෂු විනය පනත ගැන ඥාණසාර හිමි රතු එළි දල්වයි (VIDEO)

භික්‍ෂු විනය රැකීම සඳහා කතිකාවත් හා පනත් ගෙන ආ යුත්තේ මහ නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භික්‍ෂූන් වහන්සේලා විසින්ම බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

වීඩියෝව මෙම සබැඳියෙන් > > 

උන්වහන්සේ මේ බව පැවසුවේ කිරුලපන පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බුද්ධ නීතියට මිස ගිහියන් විසින් ගෙන එන නීතියකට භික්‍ෂූන් වහන්සේලා යටත් කරගැනීමට ඉඩ නොදිය යුතු බව පැවසූ උන්වහන්සේ, රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂූන් වහන්සේලාට නීති පනවා නිහඬ කර රජයට හිතවත් නපුංසක නිකායක් බිහිකරගැනීමට රජය ක‍්‍රියාකරන බව පෙනෙන්නට ඇතැයි ද පැවසූහ.

භික්‍ෂූන් වහන්සේලාගේ වැරදි පමණක් දකිනා පාලකයින්ට අන්‍ය ආගමික යාඥාවලදී සිදුවන පුද්ගල මරණ ආදිය නොපෙනෙන්නේ දැයි උන්වහන්සේ ප්‍රශ්ණ කලහ.

ඉදිරියේ දී කිසිම හේතුවක් මත අධිකරණයට නොයා සිටීමට තමන් තීරණය කර ඇතැයි කී ඥානසාර හිමියෝ එය රජය විසින් ගෙනඒමට යන භික්‍ෂු විනය කතිකාවතට විරෝධය පෑමක් ලෙස සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කළහ.

රජය විසින් විනය නීති පනවන්නේ නම් එය සියලූ ආගමික නායකයින්ට බලපාන අයුරින් කළ යුතුයැයි කී උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියහ.

එසේ නොකර විනය පනත් ගෙන එන්නට යන්නේ බටහිර අවශ්‍යතා මත බව පැවසූ  ඥානසාර හිමියෝ වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් පාලකයින්ට සමීප වී සිටින භික්‍ෂූන් වහන්සේලා ශාසනයේ පිරිහීමට හේතු වී ඇති බවත්,  බෞද්ධයින් වෙනුවෙන් කෙලින් තීරණ ගන්නා සංඝ නායකත්වයක් සොයාගත යුතු කාලයක් උදා වී ඇති බවත් පැවසූහ.

එමෙන්ම භික්‍ෂූන් වහන්සේලාට නීති පනවන්නට ගෙන එන පනත සම්මත කළහොත් එයට සහය දෙන මන්ත‍්‍රීවරුන්ගේ පාංශූකූලයටවත් භික්‍ෂූන් වහන්සේලා නොයනු ඇතැයි ද ඥානසාර හිමියෝ කීහ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2016 10:27