May 18, 2024

හිරුණිකා ගැන ෆොන්සේකා කතා කරයි

බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙහි අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

"හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියගෙන් මම මේ ගැන විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් මිතුරන් අතරේ ප්‍රශ්නයක් ඇති වුණාම යාළු කරගන්න, හිතවත් කරගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එයා අරගෙන, ඇදගෙන ඇවිත් හරි යාළු කරන්න බලනවා. මෙතැනදී හිරුණිකා තරුණ මන්ත්‍රීවරියක්. එතුමියගේ මානසිකත්වය අනුව එතුමිය හිතුවා මේ කරපු වැඩේ හරි කියලා. නමුත් නීත්‍යනුකූලව බලලා ඒ ගැන පැමිණිල්ලක් කරන්න පුළුවන්. වෙලේ සුදාගෙන් සල්ලි ගත්ත පිරිසක් හිරුණිකාට විරුද්ධව වැඩ කරන නිසා තමයි මේ ප්‍රශ්නෙ මෙච්චර දුර ගියේ.

මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ඩිෆෙන්ඩර් එකක් පාවිච්චි කිරීමයි. නැනෝ කැබ් එකකින් හරි ත්‍රීවිල් එකකින් හරි ගිහින් මේ ප්‍රශ්නෙ බේරගත්ත නම් ඔච්චර රසවත්ව මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පළවෙන්නේ නැහැ. මෙතන ඩිෆෙන්ඩර් ප්‍රශ්නයක් තියෙන්නේ.

මේ සිද්ධිය වෙලා මාසයක් යන්න ඉස්සර වෙලා නීතිපතිවරයා නියෝග දුන්නා හිරුණිකා අත්අඩංගුවට ගන්න කියලා. ඔහු ඒ ලියුම අත්සන් කරලා ගෙදර ගියා. නමුත් ඊට වඩා විශාල හොරකම් ගැන එහෙම නියෝග දුන්නෙ නැහැ. ඇවන්ට්ගාඩ් එක ගැන නියෝගයක් දෙන්න බැරිව නීතිපතිගේ දිව ගොතගැහුණා. මනස විකෘති වුණා. පස්සට අද ඇද හිටියා" යැයි සරත් ෆොන්සේකා මහතා එහිදී කියා සිටියේ ය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 January 2016 10:20