May 19, 2024

අන්තවාදී සංවිධාන 15ක් ගැන ඥාණසාර හිමි හෙළිකරයි

December 30, 2015

අන්තවාදී ඉස්ලාම් මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන 15 ක්‌ මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

එමෙන්ම මෙම අන්තවාදී සංවිධාන රට පුරා ක්‍රියාත්මකව පවතින බව ද උන්වහන්සේ කියා සිටියහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (29) මෙසේ පැවසූවේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

Rate this item
(0 votes)