May 13, 2024

එජාප සම්මේලනය හෙට - මුල්තැන සන්ධාන සභාපතිට

September 05, 2015

එක්සස් ජාතික පක්ෂ 69 වන සංවත්සර සම්මේලනය හෙට (06) පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර ඇත.

වර්තමාන ජනාධිපතිවරයා එජාපය ප්‍රමුඛ සියළුදෙනා එක් වී පත් කළ ජනාධිපතිවරයෙක් නිසා සහ මේ වන විට එජාපය හා සන්ධානය අතර එකඟතාවයෙන් ජාතික ආණ්ඩුවක් ගොඩනගාගෙන සිටින නිසා මෙය සුවිශේෂී අවස්ථාවක් වන බවත්, එම නිසා අත්හදාබැලීමක් ලෙස ජනාධිපතිවරයාට සම්මේලනයට ආරාධනා කිරීමට තීරණය කළ බව එජාප මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත.

Rate this item
(0 votes)