May 04, 2024

ළහිරු තිරිමාන්න විදෙස් කණ්ඩායමක් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඕස්ට්‍රේලියාව වෙත යෑමට නියමිතව තිබෙනවා.

ඒ තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දරන මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සමඟ එක්වීම සඳහායි. ඒ සඳහා වන ගිවිසුමට තිරිමාන්න අත්සන් තබන බවටයි සඳහන් වන්නේ.

මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ළහිරුගේ මෙම තීරණය පිළිබඳව සතුටු වන බවයි.

2021/22 තරග කාලසීමාව සඳහා ළහිරු ඒ අනුව මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ වන විටත් එම කණ්ඩායම සමඟ සනත් ජයසූරිය, අනුෂ සමරනායක, උපුල් තරංග යන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් එකතු වී සිටිනවා.

වාර්තා වන අන්දමට තවත් මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ඇති.

Rate this item
(0 votes)