April 23, 2024

තිරිමාන්න ජාතික පිලට බැහැ කියයි: රටට වඩා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජයට මුල් තැන දෙයි

November 21, 2021

මේ වන විට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ලේ දී පැවැත්වෙනවා.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත එම තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණීම ලහිරු තිරිමාන්න විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

තිරිමාන්නගේ ඉල්ලීම

තමාව මෙම තරඟාවලිය සඳහා නොසලකා සිටින ලෙසටයි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලීමක් කර තිබෙන්නේ.

පසුගිය කාලසීමාව තුළ ඉතා සාර්ථක ආරම්භක ටෙස්ට් පිතිකරුවෙකු ලෙස තිරිමාන්න දක්ෂතා දක්වා තිබෙනවා.

මේ වන විට ලහිරු තිරිමාන්න සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ තරඟ වලට තරඟ වලට සහභාගී වෙමින්.

ඔහු එහි ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ශාන් විසින් පුහුණු කරන ක්‍රීඩා සමාජයකට.

ටෙස්ට් තරඟ සඳහා

ලහිරු තිරිමාන්න ටෙස්ට් තරඟ සදහා පමණක්ම තෝරාගෙන තිබීම නිසා ඔහුට බොහෝ කලකින් ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

තිරිමාන්න අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ මීට මාස 7කට පෙර අප්‍රේල් මාසයේ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේදී.

තිරිමාන්න මේ වර්ෂය තුළ ටෙස්ට් තරග 4කට සහභාගි වී ඇති අතර ඉන් 2 ක් ඉකුත් මාර්තු මාසයේ බටහිර ඉන්දිය කොදෙව් සමග බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලද අනිත් ටෙස්ට් තරග 2 ඉකුත් අප්‍රේල් මාසයේ බංගලදේශයේට එරෙහිව පල්ලෙකැලේදීද පැවැත්වුණා.

දක්ෂතා අතර

එහිදී තිරිමාන්න පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 70 , 76 , 59 , 39 ක් ලබාගත් අතර බංගලාදේශයේට එරෙහිව පිළිවෙලින් ලකුණු 58 , 140 හා 2 ක් රැස් කරා.

පහුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර කොන්ත්‍රාත් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ක්‍රීඩකයින් බොහෝ කලක් යනතුරු ගිවිසුම් අත්සන් කළේ නැහැ.

තිරිමාන්න ඒ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවට ගියේ ගිවිසුම් අත්සන් නොකර බවයි වාර්තා වන්නේ.

ඒ නිසා මේ වන විට තිරිමාන්න හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳීමක් නැහැ.

පෙන්වූ දක්ෂතා

තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42 කට සහභාගි වී ලකුණු 2063 ක් රැස් කරගෙන තිබෙන අතර සාමාන්‍ය 27.50යි.

ඔහු ටෙස්ට් ශතක 3 ක් හා අර්ධ ශතක 10 ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කර තිබෙනවා.

ලහිරු තිරිමාන්න වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේදී අවස්ථාව හිමිව තිබෙන්නේ පැතුම් නිශ්ශංකට.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 November 2021 22:01