May 03, 2024

ලෝකයේ ක්‍රිකට් දැවැන්ත වෙනසකට සැරසෙයි! 2028 ඉලක්කය වෙයි

2028 වසරේ ඔලිම්පික් උළෙල සත්කාරකත්වය හිමිව තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය වෙතයි.

ඒ අනුව ඊළඟ ඔලිම්පික් උළෙල අමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ අගනුවර වන ලොස් ඇන්ජලිස් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විටත් එම ඔලිම්පික් උළෙල අලලා ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස නම් කරගැනීමේ අරමුණින් කටයුතු කරමින් සිටිනවා.

ක්‍රිකට් බොහෝ විට 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලට ක්‍රීඩාවක් ලෙස එකතු වනු ඇති බවටයි නවතම ආරංචි මාර්ග පවසා සිටින්නේ.

මේ සඳහා ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමි වුවහොත් ලෝකයේ දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වලට අමතරව තවත් බොහෝ රටවල් ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එකතු වනු ඇති බවටයි සඳහන් වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා සිටින්නේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට සහ අනාගතයට හේතුවනු ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 August 2021 08:17