April 20, 2024

ක්‍රිකට් ලෝක කුසලානය සමඟ ICC ය පිස්සු කෙලියි : 2027 ට අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

November 18, 2021

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පන්දු ඕවර 50 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රමවේදයේ යළිත් වෙනස් කර තිබෙනවා.

2019 ලෝක කුසලානය සඳහා අලුත්ම ක්‍රමවේදයක් ICC ය හඳුන්වා දුන්නා.

වත්මන් ක්‍රමය

ඒ කණ්ඩායම් 10 ක් එකිනෙකා එකිනෙකා සමග තරග කොට මුල් ස්ථාන හතර අතර අවසාන පූර්ව තරග පවත්වා ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය පැවැත්වීමටයි.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම තරග 9කට සහභාගි වූ අතර සමස්ත තරගාවලියම තරග 48 කින් සමන්විත වුණා.

ඒ ආකාරයේ තරඟ රටාවක් පැවැත්වීමට හේතු වූනේ ඊට පෙර තිබූ ක්‍රමවේදය වූ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 12ක් තෝරගෙන එය කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ හතරකට බෙදා එක් කණ්ඩායමකට තරග දෙකක් සඳහා සහභාගි වීමට අවස්ථාව ලබාදී එහිදී සෑම කාණ්ඩයකින්ම මුලට තේරෙන කණ්ඩායම් දෙක සුපර් 8 වටයට තෝරා ගැනීමේ ක්‍රමවේදයේ තිබූ අවදානම් බවයි.

සුපිරි කණ්ඩායම් එලියට

මෙම ක්‍රමවේදය තුළ විශේෂයෙන්ම අයර්ලන්තය හා බංග්ලාදේශය වැනි කණ්ඩායම් පිළිවෙලින් පාකිස්තානය හා ඉන්දියාව පරාජය කොට ඔවුන්ව සුපර් 8 වටයෙන් ඉවත් කළා.

ඒ තත්ත්වය තුළ ලෝක කුසලානයේ වාණිජ අරමුණු වලට විශාල තර්ජනයක් එල්ල වූ බවයි ICC මතය වූයේ.

මේ නිසා ICC වඩාත් අවදානමකින් තොරව ලෝක කුසලාන අවසාන කණ්ඩායම් අතරට ප්‍රධාන රටවල් වලට විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමට ඒමට හැකි ආකාරයට තරගාවලි රටාව වෙනස් කිරීමට කටයුතු කළා.

මේ නිසා එළඹෙන 2023 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2019 ලෝක කුසලානය පැවැත් වූ ආකාරයට.

ඉන්දියාව සත්කාරක රට නිසා කිසිදු ගැටලුවකින් තොරව 2023 ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම් 10 ට සුදුසුකම් ලබා තිබෙනවා.

2027 ලෝක කුසලානය

එහෙත් 2027 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයේ යළිත් ICC වෙනස් කර තිබෙනවා.

2027 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දකුණු අප්‍රිකාව . සිබ්බාබ්වේ හා නැමීබියා යන එකිනෙකට යාබද අප්‍රිකානු රටවල.

ඒ අනුව දැනට පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් 13 සුපර් ලීග් වටය 2023 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලැබීමෙන් පසු අහෝසි කිරීමට නියමිතයි.

2027 ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 10 සිට 14 ක වැඩිකර තිබෙනවා.

නව ක්‍රමවේදය

එහිදී ICC විසින් නම් කරුණු ලබන නිශ්චිත දිනයකදී එදිනට ලෝක එක් දින ශ්‍රේණිගත ලයිස්තුවේ මුලින් සිටින කණ්ඩායම් 10 සෘජුවම ලෝක කුසලානයේ කණ්ඩායම් 14 අතරට තෝරා ගැනෙන අතර ඉතිරි කණ්ඩායම් 4 තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයක් පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා එක් දින ජාත්‍යන්තර තරඟ සඳහා සුදුසුකම් ලබා තිබෙන රටවල් මෙන්ම ICC ලියා පදිංචිව සිටින අනිකුත් රටවල් වලට අවස්ථාව ලබා දීමටයි යෝජනා වී තිබෙන්නේ.

2027 ලෝක කුසලානය සඳහා සහභාගි වන කණ්ඩායම් 14 අතර තරඟ පැවැත්වෙන ආකාරය පිළිබඳව තවමත් ICC කිසිදු සලස්මක් ඉදිරිපත් කොට නැහැ.

ICC ය 2027 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේ නව ක්‍රමවේදය හඳුන්වා දුන්නේ මේ සතියේදී.

ඉන්දියාවේ දැඩි ග්‍රහණයට ලක්ව තිබෙන ICC ය මේ ආකාරයට ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරාගැනීමේ ක්‍රමවේදය සැරින් සැරේ වෙනස් කරන්නේ ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල් සුදුසුකම් ලැබීමේ වටවලදී ඉවත්වීමට ඇති අවදානම වළක්වා ගැනීමටයි.

Rate this item
(4 votes)
Last modified on Saturday, 20 November 2021 08:31