April 26, 2024

ජාතික චෙස් ශූරයා ශ්‍රී ලංකාවට තවත් අභිමානයක් අත්කර දෙයි

ආසියානු කලාපීය දෙමුහුන් චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හිමිකර දීමට මෙරට ජාතික ශූර රනිඳු ලියනගේ හට හැකියාව ලැබී තියෙනවා.

ඊයේ (10) අවසන් වූ මෙම තරඟාවලියේ දී බංග්ලාදේශ චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් එනමුල් හුසේන්ට එරෙහිව අවසන් වටයේ තරඟ වැදුණු රනිඳු විසින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වුණා‍ෙ

දෙදෙනා අතරම දැඩි තරඟයක් පැවැති අතර රනිඳු එම තරඟයෙන් ජයග්‍රහණය ලබාගන්නට සමත් වුණා. ඒ අනුව රනිඳු හට එම තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා

මෙම තරඟාවලිය සඳහා බංග්ලාදේශ, ශ්‍රී ලංකාව, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 39 දෙනෙකු සම්බන්ධව තිබුණු අතර තරඟාවලිය බංග්ලාදේශ චෙස් සම්මේලනය ඩකා නුවර සිට පැවැත්වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නුගේගොඩ ගංගෝඩාවිල පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ මූලස්ථානයෙන් සහභාගී වුණා.

Rate this item
(0 votes)