May 18, 2024

ක්‍රිකට් පිටිය තුළ සෑම දෙයක්ම කළ හැකි මිනිසාගේ හොඳම දුවද්දී දවා ගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රසිද්ධ කරයි

ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද (08) දිනයේ දී 28 වැනි වියට පත්විය. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පැට්ගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ ට්විටර් පණිවිඩයක් දමා තිබුණේ විශේෂ වීඩියෝවක් ද සමඟිනි.

එම වීඩියෝවේ සටහන්ව තිබුණේ නිමාවට පත් වූ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලියේ දී පැට් කමින්ස් විසින් පන්දුව වෙත පැන එය රැක ගන්නවාත් සමඟම එම පන්දුව එල්ල කර දුවද්දී  දවා ගැනීමයි.

මෙහිදී පැට් විසින් දවා ගනු ලබන්නේ ඉන්දියානු ක්‍රිකට් හී ටෙස්ට් විශේෂඥයා ලෙස හඳුන්වනු ලබන චෙටේශ්වර් පුජාරාවයි. 

පුජාරාගේ කඩුල්ල තීරණාත්මක කඩුල්ලක් වීමත්, පන්දුව රැකගෙන ගුවනේ දීම කඩුල්ල වෙත පන්දුව එල්ල කර දුවද්දී ලබා දවා ගැනීමක් ලබා ගත් නිසාත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විසින් එම දවා ගැනීම ලෝකයේ වාර්තා වූ හොඳම දුවද්දී දවා ගැනීම්වලින් එකක් බවටද නම් කර තිබුණි.

එමෙන්ම ක්‍රිකට් පිටිය තුළ සෑම දෙයක්ම කළ හැකි මිනිසා යන නාමයෙන් ද පැට් කමින්ස්ව හැදින්වීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි.

2011 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගන්නා පැට් කමින්ස් මේ වන විට ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නාද වෙයි.

ටෙස්ට් තරඟ 34ක් ක්‍රීඩා කොට ඉනිම 63කදී කඩුළු 164ක් ලබාගෙන ඇති අතර හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 23කට කඩුළු 6ක් දවා ගැනීමයි.

අවශ්‍ය අවස්ථාවේ දී පිත්තෙන් ද දස්කම් දැක්විය හැකි කමින්ස් ටෙස්ට් තරඟ 34කදී ඉනිම පනහක් තුළ ලකුණු 708ක් ලබාගෙන සිටින අතර වැඩිම ලකුණු ලෙස ලකුණු 63ක් ලබාගෙන සිටියි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් ප්‍රසිද්ධ කරන ලද ලෝකයේ හොඳම දුවද්දී දවා ගැනීම් අතර තිබෙන පැට්ගේ දවා ගැනීමේ වීඩියෝව පහතින්,

Rate this item
(4 votes)
Last modified on Saturday, 08 May 2021 20:44