May 03, 2024

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකූර් රහීම් තරගයක් අතර තවත් ක්‍රීඩයෙකුට පහර දෙන්න යයි (VIDEO)

December 15, 2020

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම කඩුළු රකින ක්‍රීඩක  මුෂ්ෆිකූර් රහීම් කළ තරගයක් අතර කළ ක්‍රියාවක් හේතුවෙන් මුළු මහත් ක්‍රිකට් ලෝකයෙන්ම ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

බංග්ලාදේශයේ පැවැත්වෙන T20 ලීග් තරඟාවලිය අතර තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පහත් ආකාරයෙන් බැන වඳිමින් පහර දෙන්නට මුෂ්ෆිකූර් රහීම් උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ සටහනද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ බෙක්සිම්කෝ ඩකා සහ ෆෝචූන් බැරිෂාල් අතර තරගය අතරතුර ය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රහීම් ක්‍රීඩා කරන බෙක්සිම්කෝ ඩකා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 150ක් රැස් කරගෙන තිබූ අතර ෆෝචූන් බැරිෂාල් එය හඹා යමින් තිබුණි.

තරගයේ 17 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් සිටියේදී පිතිකරුවා විසින් උඩ පන්දුවක් ලබාදෙන අතර මුෂ්ෆිකූර් සහ නවක මෙන්ම තරුණ ක්‍රීඩකයෙකු වන නසුම් ද එම උඩ පන්දුව රැක ගැනීමට දිව ගියේය.

මුෂ්ෆිකූර් උඩ පන්දුව රැක ගන්නා අතර කෙසේ හෝ තරුණ ක්‍රීඩකයාගේ ඇගේ ගැටී බිමට වැටෙන්නට පෙර නැවතීමටද සමත් විය.

එක් සැණින්ම මුෂ්ෆිකූර් සිය දකුණු අත ඔසවා තරුණ ක්‍රීඩකයාට පහර දීමට උත්සාහ කළ අතර නවකයා විසින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කළ නමුත් මුෂ්ෆිකූර් විසින් දිගින් දිගටම බැන වැදීම නිසා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මැදිහත්ව තත්ත්වය සමථයකට පත් කළේය.

කෙසේ වෙතත් බෙක්සිම්කෝ ඩකා කණ්ඩායම ලකුණු 09ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් විය.

ක්‍රීඩාව යනු උද්වේගකර අවස්ථාවන් පිරුණු තැනක් බවත් එම අවස්ථාවේදී ක්‍රීඩයන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මුෂ්ෆිකූර් රහීම් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගෙන් මෙවන් පහත් ක්‍රියාවක් කිසි විටක අපේ්ක්ෂා නොකර බවට බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය සමාජ මාධ්‍ය ගිනුම්වල සටහන් කර තිබුණි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝ සටහන පහතින්,

Rate this item
(5 votes)