April 26, 2024

(EXCLUSIVE) චීන විදේශ ඇමතිත් ලබන මස එනවා: එන්නෙ මොකටද ? දිනේෂ් පිළිතුරු දෙයි

ජුනි මාසයේදී චීන විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කරයි.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඒ බැව් ඒ බව තහවුරු කළේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයේ උණුසුම යාමටත් මත්තෙන් චීන විදේශ කටයුතු ඇමතිවරයාත් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව හා එහි අරමුණ පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අරමුණ කුමක්දැයි කළ විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන කලාපීය රටවල සංචාරයක එක් පියවරක් ලෙසය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සංචාරයේදී සාමාන්‍යයෙන් මෙවැනි සංචාරයකදී කෙරෙන ආකාරයේ සාකච්ඡා ශ්‍රී ලංකා රජය චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 04:22