එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ (09) දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන් ඒ මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි.
පසුගිය 8වනදා පැවති සාකච්ඡාවට දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ.
සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාව පවත්වා ඇත.
මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම් සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා මෙහිදි පවසා තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී ඇති අර්බුදය පිළිබඳව අද (10) දිනයේදීත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.