April 26, 2024

සජිත් අරගලයකට සූදානම්! මූලිකත්වය හරීන්ට - කණ්ඩායමකට වැඩත් පවරයි

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

ඒ සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරගැනීම වෙනුවෙන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් පත්කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

මීට පෙර රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස කිහිපවිටක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, එහෙත් මේ දක්වා එම ඉල්ලීම ඉටු නොවී ඇති බවත් හෙතෙම සඳහන් කළා.

එම ඉල්ලීම නැවත වතාවක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

රන්ජන් රාමනායක මහතා ජනකාන්ත කලාකරුවෙකු බවත්, වංචා දූෂණ වලින් තොර මානව හිතවාදී දේශපාලනඥයෙකු බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එතුමා වැනි පුද්ගලයින්ගේ අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙන බව ද කියා සිටියා.

ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසුවා.

Rate this item
(0 votes)