April 26, 2024

ආණ්ඩු පක්ෂයේ අයවැයට පොහොට්ටුවේ ඩබලක් විරුද්ධ වෙයි

December 20, 2021

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා අයවැය ඇස්තුමේන්තුව දෙවන වරටත් අද (20) දින එම නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් ඉදිරිපත් කල අවස්ථාවේ අයවැය යෝජනාව වැඩි ජන්ද දෙකකින් පරාජයට පත් වි තිබෙනවා.

එම නගර සභාවේ 2022 වසර සදහා ඉකුත් (07) දින සභාපතිවරයා විසින් අයවැය යෝජනාව සභාව වෙත ඉදිරිපත් කල අවස්ථාවේ පාලක පක්ෂයේ මන්ත්‍රිවරයෙකුද අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිම නිසා එදින අයවැයද පරාජයට පත් වුණා.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා විසින් අද (20) දින දෙවන වරට අයවැය යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ එයට විරුද්ධව පාලක පක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන චන්දන ගුණතිලක සහ ප්‍රසන්න කුමාර විතානගේ යන මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරිම නිසා 4/6 ලෙස අයවැය යෝජනාව පරාජයට පත් වුණා.

අයවැය යෝජනාව පරාජයට පත් විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු එම නගර සභාවේ නාගරික මන්ත්‍රි චන්දන ගුණතිලක මහතා කියා සිටියේ 2012 අංක 12 දරණ පලාත් පාලන ආයතන (විශේෂ විධි විධාන ) පනතේ 7 වන වගන්තිය අනුව සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවා සේ සලකනු ලැබිය යුතු බවට සදහන් නිසා සභාපතිවරයාගේ ධුර අහෝසි විය යුතු බවයි.

අයවැය දෙවන වරට පරාජයට පත් විම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අයවැය දෙවන වර ජන්ද විමසිම පරාජය වුවද කිසිසේත් තම ධුරය අහෝසි නොවන බවයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(1 Vote)
Last modified on Monday, 20 December 2021 14:20