April 27, 2024

ප්‍රියන්ත ඝ‍ාතන නඩුව ගැන පාකිස්තානයෙන් තීරණයක්! Featured

December 11, 2021

පාකිස්තානයේ සියල්කොට්හී දී ඉස්ලාම් අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීම සම්බන්ධ නඩුව පිළිබඳව පන්ජාබ් පළාත් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

එම පළාත් රජය තීරණය කර ඇත්තේ එම නඩුව දිනපතා විභාග කිරීමට යි.

නීති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති නීතිය හා සාමය පිළීබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ අදාළ නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් ද සකස් කිරීමට යි.

අධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ නඩුව දින 14ක කාලයක් ඇතුළත ගොණු කරන ලෙසට යි.

එමෙන්ම මෙම නඩු විභාගය බන්ධනාගාරය තුළ දීම සිදු කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් නිදැල්ලේ සිටින බව පාකිස්තානයෙන් ලැබෙන වාර්තා සඳහන් කරනවා.

එම සැකකරුවන් ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව යි පන්ජාප් පොලීසිය පවසන්නේ.

ඉස්ලාම් ආගමට අයත් වැකියක් අඩංගු වූ පෝස්ටරයක් ගැලවූ බවට චෝදනා කරමින් පසුගිය 03 වැනි දා ප්‍රියන්ත කුමාර දියවඩන නමැති ඉංජිනේරුවරයෙකු පාකිස්තානයේ, සියල්කොට් නුවර දී ඝාතනයට ලක් වූවා.

ඒ ඉස්ලාම් අන්තවාදී විශාල පිරිසක් අතින්.

එම පිරිස ප්‍රියන්ත මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කොට සිරුර ද පුළුස්සා තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 December 2021 12:53