May 05, 2024

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි (PHOTOS)

December 18, 2021

2021-2022 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය නිරෝධායන මාර්ග උපදෙස් වලට අනුකුලව සුභ නැකතින් අද (18) දින යෙදි ඇති උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරුණා.

2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය අද දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවා.

පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය අද දින උදැසන යෙදුණු සුභ නැකතට අනුව දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසු තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරුණා.

නිරෝධායන මාර්ග උපදෙස් වලට අනුකුලව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ශ්‍රි පාද උඩ මළුව වෙත පැමිණි සිටි වන්දනාකරුවන් පිරිසක් සහභාගි කර ගනිමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ශ්‍රි පාද පද්මය අසල ආගමික වතාවන් පැවැත්විමෙන් අනතුරුවයි ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබුවේ.

2021-2022 ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් නිරෝධායන මාර්ග උපදෙස් පිලිපදිමින් පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

නිරෝධායන මාර්ග උපදෙස් පිලිපදමින් හැටන් මාර්ගයේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල පළමු දිනයේ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණ සිටියා.

හැටන් නගරයේදි සමන් දේව පෙරහැරට නිරෝධායන උපදෙස් වලට අනුකුලව වන්දනා මාන කර ගැනිමට විශාල පිරිසක් නගරයට පිවිස සිටි බවයි අප වාර්තාකරු පැවසූවේ.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 17:32