April 26, 2024

බැසිල්ගේ අය - වැය ගැන ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක

December 06, 2021

අය - වැය අවසන් වර කියවීමට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු කොට තිබෙනවා.

එම ඡන්දය විමසන්නේ එළඹෙන 10 වැනි දින.

2022 අය - වැය

එදිනට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා ඉදිරිපත් කළ අය - වැය සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීමට නියමිතයි.

ඊට පක්ෂව ඡන්දය දීමේ තීන්දුව ශ්‍රී.ල.නි.පය ගෙන තිබෙන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී.

එම මධ්‍යම කාරක සභා පැවැත්වුයේ පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉස්මතු වූ කරුණු දෙක

එම මධ්‍යම කාරක සභාවේදී විශේෂ කරුණු දෙකක් ඉස්මතු වී තිබෙනවා.

ඉන් එකක් වන්නේ මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට සහනයක් නොලැබීම පිළිබඳවයි.

ඒ පිළිබඳ අදහස් දක්වා තිබෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතායි.

ඒ හැරුණු කොට කෘෂිකර්ම අමාත්‍යාංශ වැය ශීර්ෂ පක්ෂව ඡන්දය දීම වැරැද්දක් බවටද මතයක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්ව තිබෙනවා.

ශ්‍රීලනිප අය - වැය සම්බන්ධයෙන් මෙම තීන්දුව ගෙන තිබෙන්නේ එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවටද මතයන් පැතිර යන අවස්ථාවකයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 09:45

Related items