April 27, 2024

අර්ජුන නිර්පාක්ෂිකයි : ඉලක්කය ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීම ?

December 01, 2021

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අර්ජුන රණතුංග මහතා කිසිදු පක්ෂයකට එක් නොවී නිර්පාක්ෂිකව සිය දේශපාලන කරන බව මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මහනුවරදී අස්ගිරි - මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව.

මීළඟ ජනපතිවරණය

රණතුංග මහතා මීළඟ ජනපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ සඳහා පක්ෂ හා සිවිල් සංවිධාන ඒකරාශි කොට ඒවාගේ සහය ලබා ගැනීමේ වැඩ පිළිවෙළ එළඹෙන 2020 වර්ෂයේ මුල ඔහු ආරම්භ කරනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

2015 ජනපතිවරණය

2015 ජනපතිවරණයේදීද මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමාට තිබුණු බව රණතුංග මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

තමාව පොදු අපේක්ෂකයා කිරීමේ අවශ්‍යතාව මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කළ  සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් තුළද තිබූ බවත් ඔහු මීට පෙර සඳහන් කර තිබුණා.

පාකිස්තාන අගමැතිගේ ඉල්ලීම

තමා මෙන් රටේ නායකත්වය භාර ගැනීම සඳහා කටයුතු කරන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මීට ටික කලකට පෙර ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැළුණු අවස්ථාවේ රණතුංග මහතාගෙන් ඉල්ලීමක්ද කළා.

ඉම්රාන් ඛාන් මහතා 1991 දී ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමේ නායකයා වූ අතර ඊට පසු 1996 පැවැත්වූ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලිය දිනා ගත්තේ අර්ජුන රණතුංග මහතාගේ නායකයන්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 09:24

Related items