April 27, 2024

කෘෂි ඇමති බලය අතට ගනී - තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ටාර් තනතුරෙන් දොට්ට Featured

November 23, 2021

වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුලින් තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා  නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:50