April 26, 2024

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි ශ්‍රී ලංකාවෙන් පිටව යයි

ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක නියැලී සිටි ඉන්දියාවේ ප්‍රකෝටි ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සිය දෙදින සංචාරය නිමා කර අද (26) සවස 04.30ට පමණ ආපසු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ගෞතම් අදානි සමඟ ඔහුගේ ව්‍යාපාරික උපදේශකවරුන් 10 දෙනෙකු පෞද්ගලික විශේෂ ගුවන් යානා දෙකකින් පසුගිය 24 වැනිදා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් පිළිබඳව ද ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කර තිබුණා.

ඔවුන් රැගත් පළමු ගුවන් යානය අද සවස 04.30 ටත්,  දෙවන ගුවන් යානය සවස 04.40 ටත් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සැබැඳි පුවත් > අදානි හදිසියේම මන්නාරමට යයි! විදුලි බලාගාරයකුත් නිරික්ෂණය කරයි (PHOTOS)

                     අදානි හදිසියේම ලංකාවට එයි! ජනපති හමුවීමටත් සුදානම්

(ටී.කේ.ජී කපිල - කටුනායක)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 01:25