March 28, 2024

අදානි හදිසියේම මන්නාරමට යයි! විදුලි බලාගාරයකුත් නිරික්ෂණය කරයි (PHOTOS)

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් අද (25) සවස හදිසියේම මන්නාරමේ සංචාරයක නිරත වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුළු පිරිස මෙලෙස පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස මන්නාරමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින්.

එහිදී ගෞතම් අදානි මහතා ඇතුළු පිරිස මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ආපසු අද සවසම කොළඹ බලා පිටත්ව ගොස් තිබුණා.

සබැඳි පුවත > අදානි හදිසියේම ලංකාවට එයි! ජනපති හමුවීමටත් සුදානම්

අදාළ සාකච්ඡාවේ ඡායාරූප පහතින්,‍

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 01:20