April 27, 2024

වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියගේ මරණ පරික්ෂයෙන් හෙළිවූ භයානක කතාව

September 14, 2021

කොවිඩ් නිව්මෝනියාව වැළඳීම නිසා සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය වීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13) දිනයේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම  ලබන සිසුවියක්. ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් ද වෙනවා. 

මිය ගිය පාසල් සිසුවියට පසුගිය 10 වැනිදා උණ රෝගය වැළැඳී තිබෙන අතර ඇයගේ ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුවි ඇති අතර වමනය කර ඇති බවත් සඳහන්.

පසුව දැරියව බලපිටිය රෝහලට ඇතුලත්කොට ඇති අතර බලපිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරු කොට තිබුණා. 

එහිදී කරාපිටිය රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය පසුගිය 12 වැනිදා දහවල් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි රෝගී තත්වය උත්සන්න වී ඇති අතර එදින රාත්‍රි 10.45ට පමණ දැරිය මියගොස් තිබුණා.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබුවා. 

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් සිදුකළ අතර  ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාව ආසාදනය විමෙන් සිරුරේ බහුවිද අවයන අකර්මණ්‍ය විමෙන් මරණය වි ඇති බවට තීන්දු කළා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 01:51