May 06, 2024

එන්නත ගත්ත අයගේ ලිංගික ශක්තියට වෙන දේ ගැන මහාචාර්යවරයෙකු හෙළි කරයි

September 13, 2021

වයස අවුරුදු 20 සහ 30 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් අතර එන්නත ලබාගැනීම සඳහා පවතින උනන්දුව පහත වැටී ඇති බවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාරයන් නිසා එන්නත ලබාගැනීම මෙලෙස අඩුවී ඇති බවයි.

කොවිඩ් මර්දන එන්නත ලබාගැනිමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරය හේතුවෙන්ද එන්නත ලබාගැනීමට තරුණ පිරිස අතර ඇති උනන්දුව අඩුව ඇතිබවට මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ එන්නත් ලබාගැනීමේ අඩුවක් දක්නට ලැබෙනවා. එක හේතුවක් හැටියට දැනට අපිට පෙනී ගිහින් තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර. කොවිඩ් -19 රෝගයට එන්නත ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා, දරුවො හැදීමේ හැකියාව නැති වෙනවා.. කියලා. මේ ආකාරයේ විවිධ කතා තරුණ තරුණියන්ගේ ඔළුවලට වැටිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකෙ කරලා තියෙන පරීක්ෂණ අපි හොයලා බැලුවා. කිසිම තැනකින් එහෙම වාර්තා වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ කරුණක්. ඒ වගේම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අවුරුදු 30ට වැඩි පිරිසට තව සතියක් ඇතුළත එන්නත්කරණය නිමා කරන්න පුළුවන් වෙනවා.” ලෙසිනි.

මේ වන විට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා එන්නත ලබාදිය යුතු බවට අදහසක් ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන අතර ප්‍රාථමික පන්තිවල සිටින දරුවන්ට එන්නත්කරණය අවශ්‍ය නොවන බවද පවසා සිටියා. 

අමාත්‍යවරයා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මොකද මේ වෛරසයට ගොදුරුවීමේ ඉතාම අඩු ප්‍රවණතාවයක් කුඩා ළමුන්ගේ තියෙන්නේ. ඒ නිසා එම පන්තිවලින් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් කියලා තවත් යෝජනාවක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා.  මේ ගැන කමිටුවක් පත්කරලා තියෙනවා.” ලෙසයි.

ඉදිරියේ පාසල් දරුවන් සඳහා එන්නත් ලබාදීමට කොවිඩ් මර්දන විශේෂඥ තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලැබෙනු ඇති බව පවසන අමාත්‍යවරයා කියා සිටියේ පෙරපාසල් යන වයසේ දරුවන්ටත් යම්කිසි නිර්දේශයක් ලබාදෙන ලෙසද කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 16:00