May 17, 2024

එන්නත් මාත්‍රා දෙකම ගත් 183 දෙනෙකු ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

September 12, 2021

සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වු ඉකුත් සතිය තුල මෙරට එක් කොවිඩ් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත්‍රාදෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බවද වසංගත රෝගවිද්‍යා ඒකකය පවසනවා.

ඉකුත් සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිදු කොවිඩ් මාත්‍රාවක් ලබාගෙන නොතිබු  අතර ප්‍රතිශයක් වශයෙන් ගත්කළ එය සියයට 57.4කි.

එම සතිය තුළ කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වි ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කර තිබෙනවා.

මින් වැඩිම මරණ සංඛ්‍යාවක්  වාර්තා වි ඇත්තේ වයස අවුරුදු  60 වැඩි පුද්ගලයින්ගෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 1115කි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි.

වයස අවුරුදු 30ත් 59 අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වි ඇති අතර එය සියයට 20.6කි. 

අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වි ඇති අතර  එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 1.7කි.

මෙම සතිය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප්‍රතිශතයක්  වශයෙන් ගත්කළ එය සියයට 53.0කි. 

මෙන්ම මෙම සතිය තුළ වු කොවිඩ් මරණවලින් 1110ක් රෝහල්වලින් වාර්තා වී ඇති අතර නිවෙස්වලදි මියගොස් ඇති සංඛ්‍යාව 245කි. 

රෝහලට ඇතුළත් කරණවිට 80 දෙනෙකු  මියගොස් ඇත. කොවිඩ් මරණවලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තා වි ඇති  අතර රෝහල් වලින්  වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 20:03