May 10, 2024

අද සිට අවු: 20 - 29 අයට එන්නත ලැබෙන තැන් මෙන්න Featured

September 06, 2021

කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වැඩසටහන යටතේ අද (06) දිනයේ සිට මෙරට පුරා වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩවල අයට එන්නත් ලබාදීම සිදුකරනු ලබනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් සඳහා අද දිනයේ සිට එන්නත්කරණ ආරම්භ කරන බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියා.

දැනටත් එන්නත්කරණය සිදුකරන සියලු එන්නත්කරණ මධ්‍යස්ථානවල සහ සියලුම රජයේ රෝහල්වලදී  අදාළ වයස් කාණ්ඩයේ අය සඳහා එන්නත් ලබාගත හැකියාව තිබෙනවා.

යුද හමුදාපතිවරයා එහිදී විශේෂයෙන්ම සඳහන් කර සිටියේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් සඳහා පමණක් එම ස්ථානයන්වල එන්නත්කරණය සිදුකරන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අවුරුදු 20 සහ 29 අතර වයස්වල අය සඳහා දියත උයන, විහාර මහ දේවි උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදී එන්නත ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Rate this item
(0 votes)