May 10, 2024

"ඇය යන්න ගියා මැකිලා" - වන්නිලඇත්තන්ගේ ජීවන සහකාරිය ලොවට සමුදෙයි Featured

September 05, 2021

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්.

ඌරුවරිගේ හීංමැණිකා නමැති ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුණාගනු ලැබූයේ පසුගිය මස 27 වැනි දා දඹාන ආදිවාසී ගම්මානයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි.

ඉන් අනතුරුව වහාම මහියංගණය රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇයව ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා. 

කෙසේ වෙතත් සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඇයව පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇති බව යි වාර්තා වන්නේ.

ඊයේ (04) පස්වරුවේ දී හීංමැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත්තේ එම රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරේ දි යි.

ඇය දරුවන් 09 දෙනෙකුගේ මවක් ද වනවා.

ආදිවාසී ගම්මානයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී වන්නිල ඇත්තන්ගේ බිරිඳට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුම ආසාදිතයින් බවට හඳුණාගනු ලැබූවා.

මෙම පරීක්ෂාවට පුද්ගලයින් 115 දෙනෙකු භාජනය කර ඇති අතර ඉන් 44ක් ම ආසාදිත බවට යි එහි දී හඳුණාගෙන ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 September 2021 00:04