May 15, 2024

විශේෂඥයින් බයෙන් සිටි දේ සැබෑ වෙයි! ලෝකයම කැළඹූ වෛරස් ප්‍රභේදය ලංකාවේ!! (VIDEO)

මෙරට බොහෝ වසංගත විශේෂඥයින් පිරිසක් අනතුරු ඇඟවූ අවදානමක් තත්ත්වයක් දැන් සැබෑවට පත්ව තිබෙනවා.

ඒ අනුව ලෝකයේ පළමුවරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා තුනක්” සහිත ආසාදිතයන් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මේ බව සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරික්ෂණයකදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් මේ බව අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා 03ම සහිත රෝගීන් හඳුනාගෙන ඇති බවයි. 

කොළඹ නගරය තුළ මෙම විකෘති 03ම ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන බවත් පැවසූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසා සිටියේ A 701S නම් ජාන විකෘතියට පත් මෙම වෛරස් ප්‍රභේදය ලොව හමුවී ඇත්තේ පළමුවරටයි.

මෙම විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල් 88ක් භාවිත කර තිබෙනවා. ඉන් 84 දෙනෙකුටම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

ආචාර්යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ "A 222V කියන විකෘතිය ලොව විවිධ රටවලින් හමුවෙනවා. එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්" බවයි. එමෙන්ම මෙරටින් හමුවූ වෛරස් විකෘතිය වන A 1078S නම් ප්‍රභේදය මෙතෙක් හමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ පමණයි.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දැක්වූ සම්පුර්ණ අදහස පහතින් වීඩියෝවෙන්,

Rate this item
(0 votes)
Last modified on Friday, 20 August 2021 21:29