අද (20) දින රාත්‍රී 10 සිට රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිවේදනය කරනවා.
ට්විටර් පණිවිඩයක් මගින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
අද රාත්‍රියේ රට වසා දැමීමෙන් අනතුරුව එය යළි විවෘත කරනු ලබන්නේ 30 වැනි සඳුදා යි.
ඒ අනුව දින 10ක කාලයක් සඳහා රට වසාදමනු ඇති.
කෙසේ වෙතත් සියළු අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.
නීතියට ගරු කරමින් නිවෙස්වලටම වී සිටින ලෙසට යි සෞඛ්‍ය අමාත්‍යවරයා සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද රට වසා දැමීමේ තීරණය තහවුරු කළා.
ඔහු සඳහන් කරන්නේ අද රාත්‍රී 10 සිට 30 වැනි දා අළුයම 4 දක්වා දිවයින පුරා නිරෝදායන ඇඳිරිනීතිය පනවන බව යි.
සියළු අත්‍යාවශ්‍ය සේවා, කෘෂිකාර්මික සේවා, ඇඟළුම් සේවා සහ ඖෂධ හල් මෙම කාලය තුළ විවෘතව පවතින බව ද ඔහු සඳහන් කර සිටියා.