May 17, 2024

ඊයේ පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යලි ලිහිල් කරයි - අලුත්ම නීති මාලාව මෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යයක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, සාප්පු සංකීර්ණ විවෘතව තබන බවය.

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු වේ. එයට තදින් ම අනුගත විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.

මීට පෙර මෙය සඳහන් ව තිබුණේ ඊයේ (18) සිට සාප්පු සංකිර්ණ වසා ඇති බවත් සාප්පු සංකීර්ණ තුළ / පිටත පුද්ගලයින් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර නැති බවත්ය.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව එක් නිවසකින් දෛනික අවශ්‍යතා සඳහා බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණක් වන අතර රැකියා සඳහා පිටත්ව යන අයට සාමාන්‍ය පරිදි බැහැරව යා හැකි බවය.

Rate this item
(0 votes)