May 18, 2024

හෝමාගම රෝහලේ වෛද්‍යවරු 7ක් ඇතුළු 24කට කොරෝනා Featured

කොවිඩ් රෝගීන් සඳහාම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් 6 දෙනෙකු මෙන් ම ලිපිකරුවන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වන බවයි වාර්තා වන්නේ.

එම පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනෙකු මෙන් ම සුළු සේවකයෙකු ද වනවා.

වෛරසය ආසාදනය වුණු සුළු සේවකයන් දෙදෙනෙකු පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

හෝමාගම මූලික රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 220ක් පමණ ප්‍රතිකාර ලබනවා.

රෝහලේ කාර්ය මණ්ඩලයේ 105කට කොවිඩ්

මේ අතර කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළා.  

එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ රෝහලේ තත්ත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගැනීමට අපහසු බවය.

එහි සේවය කරන ඇතැම් සේවකයින් මාස 2-3ක් තම නිවෙස්වලට ගොස් නොමැති බවය.

Rate this item
(0 votes)