May 19, 2024

සරසවි සිසුන්ටත් කොවිඩ් එන්නත - මුලින්ම දෙන්නේ මේ සිසුන්ටයි

විශ්වවිද්‍යාල සිසුන්ටත් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරන්නේ ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 25,000කට මුලින්ම කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ලෙසයි ඉල්ලීම් කර ඇත්තේ.

මේ ආකාරයට සරසවි පද්ධතියේ අවසන් වසර සිසුන්ට එන්නත ලබාදීමෙන් පසුව සරසවිවල අධ්‍යයන කටයුතු ආරම්භ කර ඉන්පසුව පියවරෙන් පියවර තුන්වැනි, දෙවැනි හා පළමු වසර සිසුන්ටද එන්නත ලබාදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ඇරැඹීමට සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කරනවා.

මේ වනවිට මෙරටේ වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලබන සායනික අධ්‍යයන සඳහා සහභාගි වන තුන්වැනි වසරෙන් ඉහළ සියලු වෛද්‍ය සිසුන්ට එන්නත ලබාදී අවසන් බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 1,60,000ක් වන බවත් එයින් 42,000ක්ම පළමු වසර සිසුන් බවත් මහාචාර්ය අමරතුංග මහතා තවදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)