February 10, 2025

සැප්තැම්බර් 15 සිට රටපුරා ක්‍රියාත්මක වන නවතම පරික්ෂාව

ලබන සැප්තැම්බර් මස 15 වැනිදා සිට මෙරට ඇති මහජනයා ඒකරාශී වන පොදු ස්ථානයන්වලට පිවිසීමේදී වයස අවුරුදු 30ට වැඩි අය සඳහා නවතම පරික්ෂාවක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ දිනයේ 30ට වැඩි පුද්ගලයෙකු පොදු ස්ථානයකට පිවිසෙන්නේ නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතිද යන්න පිළිබඳව පරික්ෂා කිරීමට නියමිතයි.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ දැඩි සංචරණ සීමා සති 02ක් පුරාවට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පළාත් අතර ගමන් කළ හැක්කේ අතශ්‍යවශ්‍ය සේවා මෙන්ම සේවා අවශ්‍යතා පරිදි රැකියාවට කැඳවන පිරිස් හට පමණයි.

එමෙන්ම පළාත් අතර කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොකරන බවටද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 August 2021 07:26
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449