May 14, 2024

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන හදිසි තීරණයක්!

බස්නාහිර පළාත තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මෙම තාවකාලික පියවර අද (12) දිනයේ සිට මෙම මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ. 

මේ පිළිබඳව ඊයේ (11) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ කාලසීමාව තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩමුදල් අය කරගැනීම සිදු නොකර බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.

Rate this item
(0 votes)