May 14, 2024

"නොකී කතාව" ගැන ඇමති ගම්මන්පිල පොතක් ලියයි! සියල්ල හෙළිදරව් වන ලකුණු

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහාත පසුගිය දා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමා නිවෙස් නිරෝධායනයට ලක්ව ඇති බවයි.

බලශක්ති අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් තමන්ගේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය අනුව තමන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර නිරෝධායනය වෙමින් සිටින අමාත්‍යවරයා සඳහන් කරන්නේ නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමක් පොතක් රචනා කිරීම ආරම්භ කළ බවයි.

"මා මුහුණ දුන් විශ්වාශභංග යෝජනාව: නොකී කතාව" නමින් එම පොත රචනා කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)