May 15, 2024

එනපොට හොඳ නැහැ! ළමා රෝහලෙත් වාට්ටු පිරිලා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා කෝවිඩ්-19 ආසාදිත රෝගීන් සඳහා වෙන්කර තිබූ වාට්ටු සියල්ලම මේ වන විට පිරී ඇති බවට එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලන් කිතුල්වත්ත මහතා පවසා සිටියා.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ “කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නැහැ. ළමයින් අතර ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් වෙනුවෙන් වෙන්කළ වාට්ටු සියල්ල දැන් පිරී ඉතිරි යමින් තිබෙනවා..” ලෙසිනි.

රාජගිරිය ප්‍රදේශයේ තවත් තැනක වාට්ටු දෙකක් විවෘත කිරීමටද කටයුතු කර තිබෙන බවද එහිදී විශේෂඥ වෛද්‍ය නිලන් කිතුල්වත්ත මහතා සඳහන් කළා.

ඊයේ (08) දිනයේ උදෑසන වන විට ළමුන් 150ක් පමණ කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ලබන බවද එහිදී විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියා.

මෙරට කොරෝනා ආසාදිත ළමුන් 45,000ක් පමණ වාර්තා වී ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර එම රෝගීන්ගෙන් 20,000ක් පමණ අවුරුදු 10ට අඩු දරුවන් බවද නිලන් කිතුල්වත්ත මහතා පවසා සිටියා. 

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “තද උණ තියෙනවා නම් ඒ දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය, පාචනය, සුදුමැලි වෙලා  අමාරු වෙලා කියලා හිතෙන ඕනෑම වෙලාවක රෝහල් වෙත රැගෙන ආ හැකියි. රෝහලක ඉඩ නැති වුණොත් කලබල විය යුතු නැහැ, කිසිම රෝහලක් එන දරුවෙක්ව හරවලා යවන්නේ නැහැ” යනුවෙනි.

Rate this item
(0 votes)