May 15, 2024

කොවිඩ් මරණ වැඩිවෙලා - සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබෙනවා.

එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 15:10