April 27, 2024

ගම්මන්පිල අලුත් වැඩකට සැරසෙයි! අමාත්‍යංශයේ වෙනසක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් නවතම වෙනසක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ සඳහා ඔහු විසින් නව පනතක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙතෙක් පැවැති වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කමිටුව අහෝසි කර ඒ වෙනුවට ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරිය නමින් නවතම ආයතනයක් අමාත්‍යවරයා විසින් පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම නව ආයතනය පිහිටුවීම සඳහා අමාත්‍යවරයා විසින් නවතම පනත් කෙටුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත මඟින් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පවතින ස්ථාන හඳුනා ගැනීම, පොළොව කැණීම, ගවේෂණය හා සංවර්ධනය කිරීමේ මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීමටද කටයුතු කරන අතර එම ක්ෂේත්‍රයේ අංශයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඛනිජ තෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම ලබා ගැනීමට නියාමන හා කළමනාකරණ ව්‍යුහයක් සකස් කිරීමටද නියමිතව තිබෙනවා.

අමාත්‍යවරයා විසින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම තුළින් මෙරට ඛනිජ තෙල් සම්පත්වල ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ ක්‍රියාවලි විධිමත් කිරීම සඳහා නීතිමය රාමුවක් සකස් කිරීම, පවතින ඛනිජ තෙල් සම්පත් සාධාරණ, සුරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසර ආකාරයකින් කළමනාකරණය කිරීම අරමුණු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(1 Vote)