May 17, 2024

ගම්මන්පිල කළකිරීමක! හිත් රිදීම් ගැනත් කියයි

හිත් රිදීම් මෙන්ම කලකිරීම් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමට දින දෙකකට පෙර වීම ද විශේෂත්වයක්.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.

මෙම විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය ගත් එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

අද පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා.

විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මේ අතර උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දි නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක විපක්ෂයට වාසිදායක වන ආකාරයේ තීන්දුවක් නොගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)