April 26, 2024

කතානායකට ආණ්ඩුවයි - විපක්ෂයයි පැටලිලා: ප්‍රශ්නය විසඳගන්න පැය භාගයක්

"රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ආන්ඩුවේ. වාඩිවෙලා ඉන්නේ මේ පැත්තේ.මේ පැත්තේ වාඩි වෙලා ඉන්න ඔක්කොම විපක්ෂයේ අය හැටියට හඳුන්වන්න එපා" යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කතානායකවරයා අමතා සඳහන් කළේ තමන් ඉදිරිපත් කළ යෝජනාවක් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීමට සූදානම් වීමේ පටලැවිල්ලක් මුල්කොටගෙනය.

මහ බැංකුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම තමා පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටි විවාදය හෙට (9) පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ එම යෝජනාව රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන බවය.

ඒක යුක්ති සහගත නැහැ

තමා ඉල්ලා සිටි මේ විවාදය පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කිරීම යුක්ති සහගත නොවන බවයි මන්ත්‍රීවරයා කතානායකවරයාට පෙන්වා දුන්නේ.

ආණ්ඩු පක්ෂයද එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව කතානායකවරයා එහිදී සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ "ඔබ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නෙ ආණ්ඩු පක්ෂය කියන දේම පිළිගන්න නොවෙයි.මේ ගැන ඔබේ ස්ථාවරය කියන්න"යන්නය.

විපක්ෂ නායකගේ සහාය

එහිදී ආණ්ඩු කුමාර දිසානායක මහතාගේ සහය  ඉදිරිපත්වූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ තමා ද එම පක්ෂ නායක රැස්වීමේ සිටි බවත් ඉතා පැහැදිලිවම එහිදී හෙට (9) කල්තැබීමේ විවාදය ලෙස එය විවාදයට ගැනීමට එකඟ වූ බැවින් දැන් එය වෙනස් වන්නේ කෙසේදැයි යන්නය.

ආණ්ඩුව ඉදිරිපත් කරන වාර්තාවක් පිළිබඳව ආණ්ඩුවම කල් තැබීමේ විවාද ඉල්ලීමේ සම්ප්‍රදායක් නැති බව පෙන්වා දුන් දිසානායක මන්ත්‍රීවරයා එය විපක්ෂය විසින් ඉල්ලීම සම්ප්‍රදාය බවත් සභාවට මතක් කර දුන්නා.

එහිදී යළිත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයා අමතා සඳහන් කළේ තමා රංජිත් බණ්ඩාරගේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොවන බවත් තමා විවාදය ඉල්ලන්නේ තමන් වෙනුවෙන් බව හොඳින් තේරුම් ගන්නා ලෙසයි.

ප්‍රශ්නෙ විසඳන්න පැය භාගයක්

මෙම සිදුවීම පුරාවටම කතානායකවරයා ඉතා අසරණ වී වටපිට සිටින අයගේ උදව් පවා ලබාගත් අයුරු දකින්නට තිබුණා.

එම ප්‍රශ්නය විසදා ගැනීම සඳහා විනාඩි 25 කට වඩා කාලයක් වැය වුණා.

සභාව 12ට කල්තබා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටද  කථානායකවරයාට සිදු වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 12:50