April 26, 2024

“ඇමති නාමල් ෆේල්” - හිටපු ක්‍රිකට් නායකයාගෙන් දැඩි ප්‍රකාශයක් (VIDEO) Featured

තමන් ක්‍රීඩා කරන සමයේදී තරගයක් පරාජයට පත් වූ විට එළියට ඒමට පවා ලැජ්ජා හිතෙන කාලයක් තිබූ බව 96 ලෝක කුසලානයේ දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ “එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න ලැජ්ජයි, මොකද අපිට හිතෙනවා අපි එයාලාගේ මානසිකත්වය වැට්ටුවා කියලා..අපි එයාලාව ලැජ්ජ කරා කියලා.. අද එහෙම නැහැ..”

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය ගැන පරික්ෂණ කරනවා දඬුවම් දෙන බව පවසා සිටියත්, ක්‍රිකට් පරිපාලනයේ පිරිස් කරන වැරදිවලට කිසිදු දඬුවමක් ලබා නොදෙන බවද අර්ජුන රණතුංග මහතා පවසා සිටියා.

අද ඉන්දියාවේ ප්‍රබල කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයක නිරතව සිටිය දී ශ්‍රී ලංකාව වෙත දෙවන පෙළ කණ්ඩායමක් එවා ඇති බවත් මේ නිසා අපේ රටේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වැටී ඇති බවත්, අපේ රටේ ක්‍රිකට්වල තත්ත්වය පහත වැටී ඇති බවත් අර්ජුන රණතුංග මහතා අවධාරණය කරනවා.

අද රටත් ෆේල් වී ඇති අවස්ථාවක ක්‍රීඩාවද ෆේල් වී ඇති බවද හිටපු ක්‍රිකට් නායකයා සඳහන් කර සිටියා.  

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල් ක්‍රිකට් පරිපාලනයත් ෆේල් බවද අර්ජුන රණතුංග මහතා පවසා මාධ්‍ය හමුවේ පවසා සිටියා.

ඔහු පළ කළ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)