May 20, 2024

වහාම ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කෙරේ

ප්‍රදේශ කිහිපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

මේ බව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද තහවුරු කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහින්ද සෙවන නිවාස සිංකීර්ණය හැර සෙසු කොටස් හුදකලා කර තිබෙන බව සඳහන්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයට අයත් ගල්බොරැල්ල 100 වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 29 June 2021 08:05