May 20, 2024

දිස්ත්‍රික් දෙකක ගම්මාන කිහිපයක් ලොක්ඩවුන්

අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබෙනවා.

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
නොරගල්ල ඉහළ කොටස

යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 1
පින්කන්ද වත්ත 2

පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,

නක්කලවත්ත ග්‍රාමය
මිල්ලකැලේ වත්ත ග්‍රාමය

Rate this item
(0 votes)