May 19, 2024

සංචරණ සීමා ලිහිල් වෙයි! තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් Featured

දිවයින පුරා ආවරණය වන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කර තිබෙනවා.

කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

සංචරණ සීමා ඉවත් කිරීම සිදුකළ ද බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කොවිඩ් පාලනය සඳහා දිවයින පුරා මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබු අතර එම සීමා පසුගිය 21 වන දින අලුයම 4.00ට ඉවත් කළා.

කෙසේවෙතත් යළි පෙරේදා (23) රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද (25) අලුයම 4.00ට ඉවත් කරනු ලැබුවා.

මේ අතර අද (25) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සලකා එම තීරණ ගෙන තිබෙනවා.

එම ප්‍රදේශ පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 08:58