May 17, 2024

දියෙන් ගොඩගත් සිරුර ගැන හෙළි වූ දෙයින් 20ක් අමාරුවේ

ආනමඩුව ප්‍රදේශයේ වැවක දියේ ගිලී පුද්ගලයෙකු මරණයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

ඔහු දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස ගිලී මියගොස් ඇති බව සඳහන්. 

මෙම පුද්ගලයා ගිලෙනු දුටු ප්‍රදේශවාසීන් ඔහුව ගොඩගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් ඒවන විටත් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

පසුව මළ සිරුර සම්බන්ධයෙන් පැවැත්වූ PCR පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ අදාළ තැනැත්තා කොවිඩ් 19 ආසාදිතව සිට ඇති බවට යි.

එම පරීක්ෂණ ප්‍රතිඵලයත් සමග අදාළ පුද්ගලයා දියෙන් ගොඩගැනීමට මැදිහත් වූ අයවලුන් සහ ඔහු රෝහල්ගත කිරීමට මැදිහත් වූ අයවලුන් වහාම නිරෝදායනය කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

එලෙස නිරෝදායනයට යොමු කළ පිරිස 20ක් පමණවන බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 20:46