April 26, 2024

'එහෙම හැසිරෙන්නෙ ඇයි කියලා අහන්න ඕනෙ' - ආණ්ඩුව තුළ ගැටුමේ තවත් කතාවක් එළියට

පවතින ආණ්ඩුව සභාග ආණ්ඩුවක් බවත්, එම නිසා එක් එක් පක්ෂවලට විවිධ අදහස් තිබෙන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළින්ම සරදම් කරන්නේ මන්දැ යි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී.

“එක එක පක්ෂවල අදහස් තියෙනවානේ. සභාග ආණ්ඩුව වුණාම. ඒවා ඉතින් සාකච්ඡා කරමින් නිරාකරණය කරගෙන රජයක් ඉදිරියට යනවා” ලෙස එහි දී ගුණවර්ධන අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට ඡන්දය පළ කිරීමේ දී ගන්නා තීරණය පිළිබඳව ද ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් පිළිබඳව මාධ්‍ය තුළ කතාබහට ලක් වූව ද තමන් මේවන තෙක් එවැන්නක් දැක නොමැති බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහි දී පිළිතුරු ලබා දුන්නේ.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ප්‍රශ්ණ කිරීමේ දී දිනේෂ් ගුණවර්ධන මහතා ඍජු පිළිතුරක් නොදීම සම්බන්ධයෙන් ඊයේ (21) රාත්‍රියේ විකාශය වූ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී, එය මෙහෙයවූ මාධ්‍යවේදියා විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සාමාජිකයෙකු ද නොවන, මහජන එක්සත් පෙරමුණෙහි නායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මෙම විශ්වාසභංගයට ඡන්දය දෙනවාද නොදනවාද යනුවෙන් විමසූ විට ගුණවර්ධන මහතා සීරුවට ලිස්සා ගිය බවත්, ඒ අනුව ඔහු පවා මේ පිළිබඳ අවිනිෂ්චිත ස්ථානයක පසුවන බව නොපෙනෙන්නේදැ යි රූපවාහිනී මාධ්‍යවේදියා ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියා.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා එයට මෙවැනි පිළිතුරක් ලබා දුන්නා.

“අපේ ආණ්ඩුවේ සභානායකවරයා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා එතුමා මෙතන වාඩි කරවලා අහන්න ඕනෙ. හැබැයි එතුමාට නැති විශ්වාසය මට තියෙනවා. සභානායක කියන්නේ මේ ආණ්ඩු පක්ෂයට නායකත්වය දෙන්න ඉන්න කෙනා. ඉතින් එතුමා අවිශ්වාසයේ හැසිරෙනවා නම්, එහෙම වෙන්නේ ඇයි කියලා එතුමා මෙතන වාඩි කරවලා අහන්න වෙන කතන්දරයක්”

එමෙන්ම මෙම විශ්වාසභංගයට මුහුණ දීමට තමන් ඉතා කැමති බවත්, තමන්ට කීදෙනෙකුගේ සහය ලැබේවිදැයි දැනගැනීමට තමා දැඩි ආශාවකින් පසුවන බවත් ගම්මන්පිල මහතා පවසා සිටියා.

මේ අතර විශ්වාසභංගය පිළිබඳව විවිධ පිරිස් පහත පරිදි අදහස් පළ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 13:54