March 19, 2024

ලිට්රෝ ගෑස් සිලින්ඩරයකින් රු.400 කට විද්ද සූත්‍රය අනුර හෙළිකරයි

ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ගෙන් රු.400 කට වඩා වංචා කළ ආකාරය ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා.

ඒ ගණන් හිලව්ද සමඟයි.

සහනදායි එකෙන් ගහපු ගැහිල්ල

ජනතාවට සහනදායි ගෑස් සිලින්ඩරයක් ලෙස හඳුන්වා දෙමින් ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් රු.1305 කට ලබාදෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය කිලෝ බවට පරිවර්තනය කොට එය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් හා සංසන්දනය කරද්දී එහි මිල රු.1896ක් වන බව සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් එකකින් වැඩිපුර රු. 32ක් අය කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාද පිළිගත් බව සදහන් කරමින්.

එහෙත් කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෘහස්ථ සිලින්ඩරයක බස්නාහිර පළාතේ මිල රුපියල් 1493ක් බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කලා.

වෙළඳ පොලේ තත්ත්වය

දැන් වෙළඳපොලේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය දකින්නට නැති අතර තිබෙන්නේ එම සිලින්ඩරයටම ලීටර් 18 ලේබලය අලවා පාරිභෝගිකයාගෙන් ගසා කන සිලින්ඩරය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 15:44