April 26, 2024

ආණ්ඩුවේ සුපිරි බලවතා වෙන කවුද මම තමයි - ඇමති කියයි

ආණ්ඩුවේ සිටින එකම සුපිරි බලවතා තමා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ තමන්ට එරෙහිව මේ අවස්ථාවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබීම නිසා බවයි.

සුපිරි බලවතා කවුද

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මතු කල ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා කවුරුන්ද යන්න කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය පිටුපස සිටින ජනපතිවරයා හා අගමැතිවරයාද අභිබවා කටයුතු කරන සුපිරි බලවතා කවුරුන්ද යන්න නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නය වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 15:49