April 26, 2024

හාල් පිටරටින් ගේන්නේ මේ හේතුව නිසා - කෘෂිකර්ම ඇමති

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට හේතුව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා.

ඒ විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

හාල් මෝල් හිමියන්ගේ කැත වැඩේ

මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නන්නේ රට තුළ තිබෙන සහල් හිඟයක් නිසා නොව සහල් මෝල් හිමියන් තුන් හතර දෙනෙකු සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් සහල් මිල ඉහළ දමා අධික ලාභයක් ලබමින් පාරිභෝගිකයා අසීරුතාවයට පත් කිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කිලෝවකින් ලබන ලාභය

ඉන් නොනැවතුන අමාත්‍යවරයා වී මෝල් හිමියන් කිලෝවකින් රු.20 කට වඩා ලාභයක් උපයන බවද සභාවට හෙළිදරව් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 11:53