May 03, 2024

පොලීසියේ පුටු මාරුවක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මියට මාරු වීමක් ලැබී තිබෙනවා.

ඇය මෙලෙස මාරු කර යවා ඇත්තේ පොලිස් මූලස්ථානයේ සුභසාධක කොට්ඨාසයට යි.

එම ස්ථාන මාරුවත් සමග හිස්වූ ධූරය සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එච්. නුවන් අසංග මහතා පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ පරිදි යි.

කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ එම්.ඩී.ආර්.එස්. දම්මින්ද යන මහත්වරුන් මෙලෙස උසස් වීම් ලැබූ බව සඳහන්.

Rate this item
(4 votes)
Last modified on Friday, 18 June 2021 08:30